ලොව විශාලතම ජල-සූර්ය බලාගාරය චීනය විසින් ඉදිකිරිම ආරම්භ කර තිබෙනවා.
ඒ, පසුගිය ජුනි 25 වෙනිදායි.
එම බලාගාරය 'කේලා' නමින් හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කිලෝවොට් මිලියන 1ක ධාරිතාවක් මෙමගින් උත්පාදනය කළ හැකි බව සඳහන්.
එමෙන්ම ජල-සූර්යබල අනුපූරක ආකාරයෙන් විදුලිය නිපදවන ලොව විශාලතම බලාගාරය මෙය වීම විශේෂත්වයක්.
(colombotimes.lk)