18 December 2025

logo

2025 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය තවත් ඉහළට



චීනයේ 2025 වසරේ ආර්ථික වර්ධන පුරෝකථනය තවත් ඉහළ නංවා ඇති බව ලෝක බැංකුව පවසනවා. 

ආර්ථිකය පිළිබඳ නවතම කෙටි වාර්තාවක් නිකුත් කරමින් ලෝක බැංකුව අද (11) බෙයිජිංහීදි මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව මීට පෙර නිකුත් වූ වාර්තාවට සාපේක්ෂව චීනයේ 2025 වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 0.4%කින් ඉහළ නංවා තිබෙනවා. 

චීන රජයේ වඩාත් සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්ති හා සාපේක්ෂ ලිහිල් මුදල් ප්‍රතිපත්ති දේශීය පරිභෝජනය හා ආයෝජනයට අනුබල දී ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)