ආපදා හේතුවෙන් ගොඩගැසුණු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශාල ප්‍රගතියක් තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති මහචාර්ය තිලක් හේවාවසම් සඳහන් කළේ කැලණි ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුරෙන් යට වූ ප්‍රදේශවල කැලිකසළවලින් 50%ක් මේ වන විට ඉවත් කර ඇති බවයි.
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් යටවූ මහනුවර, කුණ්ඩසාලේ, පූජාපිටිය ආදී ප්‍රදේශවල කැළිකසළ ද මේ වන විට ඉවත් කර අවසන් කර තිබෙන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
මහාචාර්ය තිලක් හේවාවසම් කියා සිටියේ අන්තරයාකර අපද්‍රව්‍ය, ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය හා සායනික අපද්‍රව්‍ය ලෙස වර්ගකීරණය කිරීමේ අවශ්‍යතාව පළාත් පාලන ආයතනවලට දැනුම්දී ඇති බවයි.
කැලණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ ප්‍රදේශ රැසක ගොඩගැසුණු කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30000කට අධික බවද මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)
