18 December 2025

logo

අයිස් සමඟ අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාන්ඩ්



දෙමටගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරිවරයෙක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් ඊයේ (17) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි. 

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 16වනදා දෙමටගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක කුටිය අසලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ පොලිස් නිලධාරියෙක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

අත්අඩංගුවට ගත් අදාළ පොලිස් නිලධාරියා දෙමටගොඩ පොලීසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් බවට සිදුකළ වැඩිදුර විමර්ශනලදී අනාවරණ වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)