31 March 2025


චීනයේ ග්ලැසියර දියවීම 26%කින් ඉහළට



වේගවත් ගෝලීය උණුසුම හේතුවෙන් 1960 සිට චීනයේ ග්ලැසියර ප්‍රදේශය 26%කින් දියවී ගොස් තිබෙනවා.

මාර්තු මාසයේදී නිකුත් කරන ලද නිල දත්ත පෙන්වා දෙන්නේ මෑත වසරවලදී කුඩා ග්ලැසියර 7,000ක් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ග්ලැසියර දියවීම තීව්‍ර වී ඇති බවයි.

යුනෙස්කෝ වාර්තාවකට අනුව ලොව පුරා ග්ලැසියර කිසිදා නොවූ විරූ වේගයෙන් අතුරුදහන් වෙමින් පවතින අතර පසුගිය වසර 03 තුළ වාර්තාගත විශාලතම ග්ලැසියර ස්කන්ධ අලාභය සිදුවෙමින් පවතින බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)