26 December 2025

logo

වයස අවුරුදු 03ක දැරියකට දිවි අහිමි වෙයි



අලුත්ගම - මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 03 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ ගමන් කළ ඇයගේ මව සහ පියා රෝහල්ගත කර ඇති බවයි. 

යතුරුපැදියක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

(colombotimes.lk)