ග්‍රාම නිලධාරිනියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේග පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලක්ෂ 05ක ශරීර ඇපයයක් මත නිදහස් කිරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත් දයානි සන්ධ්‍යා රත්නායක සැකකරුට සෑම මසකම අවසන් ඉරුදින මුන්දලම පොලීසියේ පෙනී සිටින ලෙසත් කොන්දේසියක්ද පනවා තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම නඩුව 2026.08.05වනදා යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
