නත්තල් දිනය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 54ක ආදායමක් ලැබී තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඊයේ (25) දිනයේ වාහන එක් ලක්ෂ හතලිස් හයදහසක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවයි.
මේ අතර නත්තල් දිනට පෙර දින අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරේදා (24) දිනයේ රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇති බවයි.
එමෙන්ම සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම රුපියල් මිලියන 45ක් ලෙස සටහන් වනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ සාමාන්‍ය දිනකදී අධිවේගී මාර්ගවල වාහන එක් ලක්ෂ හතලිස් පන් දහසක් ගමන් කරන බවයි.
(colombotimes.lk)
