04 December 2025

logo

චීන රජයේ ආධාර නිල වශයෙන් භාරදෙයි



චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10ක හදිසි සහන සැපයුම් ලබාදී තිබෙනවා. 

කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ මීට අමතරව චීන රතු කුරුස සංගමය හරහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය වෙත ඇමරිකානු ඩොලර් 100,000ක් ලබාදී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ව්‍යවසායකයන් සහ පුරවැසියන්ට අවශ්‍ය සහන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කළ බවයි.
 
මෙම පරිත්‍යාග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෙත භාර දුන් බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළා. 

(colombotimes.lk)