ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් මිලියන 2,508ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩි පුර ගෙවා ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳ පසුගිය 2 වැනිදා නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන්.
ඇඟිලි සලකුණු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වීමට ඉඩහැරීම අතිකාල පාලනයට ඍජුව බලපා ඇති බවද අදාළ විගණන වාර්තාවේ සඳහන් වනවා.
අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට රුපියල් 1.20ක් විය යුතු අතර, ඒ අනුව 2023 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566 කට වැඩි නොවිය යුතු බවයි සඳහන් වන්නේ.
එහෙත් 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 3,074ක් බවද විගණන වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)