26 January 2026

logo

බලාගාරවල ගල් අඟුරු අර්බුදය නිසා විදුලි කප්පාදුවක් අත ළඟද?



ලබන අප්‍රේල් මාසයට පෙර මෙම වසරට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ආනයනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඒ ආන්දෝලනයට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන්.

මෙලෙස මෙම වසරට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය අප්‍රේල් මාසයට පෙර ආනනය කිරීමට නොහැකි වුවහොත් රට දැඩි බලශක්ති අර්බුදයකට පත්වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට මෝසම් වැසි ආරම්භ වීමට පෙර අවම වශයෙන් මාර්තු මැද භාගය වන විට ගල් අඟුරු මිලදී ගැනීම අවසන් කළ යුතු වනවා.

විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥයෝ සඳහන් කළේ අප්‍රේල් මස සිට සැප්තැම්බර් මාසය දක්වා මුහුදේ රළු තත්වය හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑම කළ නොහැකි බවයි.

මෙරට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක ප්‍රමාණය අවම වශයෙන් නැව් 38ක් ලෙස රැගෙන ආ යුතු බවත් එම ප්‍රමාණයෙන් මේ වන විට නැව් 3ක් පමණක් ලැබී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළා.

(COLOMBOTIMES.LK)