08 July 2025

logo

පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද නාරාහේන්පිටට



සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (28) නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කර තිබෙනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ මෙම ජංගම රථ සේවාව මඟින් ලොකු පොල් ගෙඩියක් රුපියල්. 120කට ලබා ගත හැකි බවයි.

එහිදී පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5ක් අලෙවි කරන බවත් ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරන බවත් එම මණ්ඩලය සඳහන් කළා.

මේ අතර හෙට (29) දෙහිවල නගරයේදී මෙම ජංගම රථ සේවාව ඔස්සේ පොල් අලෙවිය සිදු කිරීමට නියමිතයි.

(colombotimes.lk)