07 July 2025

logo

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය පිළිබඳව පළවන වාර්තා ගැන දැනුම්දීමක්



විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධතිය සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක ප්‍රසම්පාදනය පිළිබඳව පළවන නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ රජයට හිතවත්කම් ඇති බවට දක්වන ව්‍යාපාර වෙත මෙම ප්‍රසම්පාදන යටතේ අයථා වාසි ලබාදීමට කටයුතු කරන බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.

එසේම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සියළු ප්‍රසම්පාදනයන් ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙතෙක් සිදු කළ පරිදි ඉහළ පාරදෘශ්‍යතාවයකින්, නිසි ප්‍රමිතියෙන් හා පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)