හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 14වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඔවුන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)