15 September 2025

logo

විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් අත්අඩංගුවට



ඇත් දළ යුගලක් සන්තකයේ තබාගෙන සිටි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මොරගොඩ හල්මිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක්.

අදාළ සැකකරුට අයත් හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම ඇත් දළ යුගලය සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)