කොළඹ නගරය ආශ්‍රිතව හෙට (31) විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ රථවාහන හා ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,200ක් පමණ පිරිසක් යෙදවීමට සැලසුම් කර තිබෙන බවයි.
නව වසර සැමරීම සඳහා හෙට (31) කොළඹට විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණෙන බවට අපේක්ෂා කරන බව පොලීසිය සඳහන් කළා.
ඒ හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. 


