30 December 2025

logo

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්



රෝහල් සහ ඔසුසැල්වලට ඖෂධ නිකුත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සතුව ඇති පරීක්ෂණාගාර යොදා ගැනීමට කටයුතු කරන බවයි. 

ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)