කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) ඒකක 54.63කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,526.20ක් ලෙසයි.
එය ඊයේ (10) දිනයට සාපේක්ෂව 0.35%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙස සටහන් වී තිබෙනවා.