colombotimes.lk
සිංහල | English

07 October 2024


Colombo Times නව ප්‍රධාන කාර්යාල පරිශ්‍රය විවෘත කෙරේ



ශ්‍රී ලාංකීය Digital මාධ්‍ය තුළ පුවත් වාර්තාකරණය නැවුම් මානයකට කැඳවාගෙන ගිය Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම අද (16) සිදු කෙරුණා.

ඒ, පන්නිපිටිය 177/6/A ලිපිනයේදීයි.

ඒ අනුව WhatsApp ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති සපයන්නා වන Colombo Times හි පුවත් කාමරය, Colombo Times මැදිරි සංකීර්ණය සහ නුදුරේදී ආරම්භවීමට නියමිත Colombo Times Academy අධ්‍යන පහසුකම් මෙම නව ප්‍රධාන කාර්යාල පරිශ්‍රය සතුයි.

ඒ අනුව Colombo Times ඉදිරියේදී පුවත් වාර්තාකරණය, තවත් නැවුම් අත්දැකීම් රැසක් Digital පරිශීලකයින් වෙත සමීප කරවීමට සූදානම්.

මෙම උත්සව අවස්ථාව සඳහා Colombo Times Network අධ්‍යක්ෂක සජීව ද සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චාමර නුවන්, කළමනාකාරිනී Creative සහ Content චමෝදි කරුණාතිලක, සහකාර කළමනාකාරිනී Content දිනිති තිලකරත්න, සහකාර කළමනාකාරිනී Colombo Times විමර්ශනා සමරකෝන්, මහේෂි නාංගල්ලගේ සහ දිලන්ති ද සිල්වා යන අය සහභාගී වුණා.

මීට අමතරව Digital Content පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ චමිල ප්‍රසාද් කරුණාරත්න මහතා සහ තවත් හිතවත් පිරිසක් මේ සඳහා පැමිණ තිබුණා.

අද උදෑසන පැවති Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ අවස්ථා පහතින්.,
(colombotimes.lk) 




No description available.