15 January 2026

logo

තෛපොංගල් දිනයට ජනපතිගෙන් සුබ පැතුම් පණිවිඩයක්



තෛපොංගල් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. 

එම පණිවිඩයේ සඳහන් වන්නේ සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවයි. 

එමෙන්ම මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව,  ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අප සියලුදෙනා එක්ව උරදී සිටින බවද ජනාධිපතිවරයා පවසනවා. 

මෙම තෛපොංගල් දිනයේදී ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ එම වැඩපිළිවෙළ සමඟ තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙසයි. 

(colombotimes.lk)