15 January 2026

logo

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 03ක්



මතට ඇබ්බැහිවූවන් වෙනුවෙන් එක්දින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 3ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
 
එහි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂ ශාන්ත ගමගේ සඳහන් කළේ මඩකලපුව, කුරුණෑගල, යාපනය යන ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත බවයි.

එමෙන්ම මඩකලපුව එක් දින ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන එළඹෙන සතියේ විවෘත කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම මධ්‍යස්ථාන මඟින් රෝගීන්ට නේවාසිකව නවාතැන් නොගෙන එක් දින ප්‍රතිකාර සේවාවන් ලබාගත හැකි බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)