colombotimes.lk
සිංහල | English

18 May 2024

ගායන තරු රැසක් පෑයූ Colombo Times High 5 සංවත්සර ප්‍රසංගය (PHOTOS)



Digital ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසම සම ප්‍රමුඛයා වන Colombo Times අභිමානවත් 5 වන සංවත්සරය ඔක්තෝම්බර් 10 වන දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙහි එක් විශේෂාංගයක් ලෙස තාරුණ්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ලලිත් ලක්රුවන් ප්‍රධාන 'හෝමාගම VIP' සංගීතයට සුපිරි තරු පිරිවරා Colombo Times ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී, සුපිරි සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට අප කටයුතු කළා.

ඒ, Colombo Times High 5 තේමාව යටතේයි.
 
එහි ගීත ගායනා කිරීමට Colombo Times පරිශීලනය කරන ගායන තරු පැමිණීම විශේෂත්වයක්.

ඒ අනුව අපගේ ආරාධනය පිළිගෙන පැමිණි තීක්ෂණ අනුරාධ, රහල් අල්විස්, උදාර කෞශල්‍ය සහ සඳුන් මහේෂ් යන ගායන තරු වලට Colombo Times අපේ ස්තූතිය පිරිනමනවා.

මීට අමතරව ප්‍රසංගය සඳහා සහය ලබාදුන් DC Productions සහ DC Event ආයතන සඳහාද මෙහිදී අපගේ ස්තූතිය පිරිනැමීම සිදුකළ යුතුයි.

එහි විශේෂ අවස්තා පහතින්,
(colombotimes.lk)