Colombo Times, iShop.lk Talent පොඩ්ඩෝ අවසන් වීමට තව දින කිහිපයයි



ඔක්තෝම්බර් මස පළමු වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පවත්වන ලංකාවේ ලොකුම තරගාවලිය සඳහා සහභාගී වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි.

ඒ අනුව Colombo Times, iShop.lk Talent පොඩ්ඩෝ 2023 තරගාවලිය චිත්‍ර, ගායන සහ නර්තන යන අංශ 3 යටතේ වයස් ඛාණ්ඩ තුනකින් තරග පැවැත්වෙනවා.

එහිදී ඔබ සිදුකළ යුත්තේ ඔබේ දරුවා විසින් අප ලබාදී ඇති මාතෘකාවක් යටතේ අඳින ලද චිත්‍රයක්, දරුවා විසින් ඉදිරිපත් කරන ගායනයක්, නර්තනයක් ජංගම දුරකථනය ඔස්සේ වීඩියෝ කර 0704 444 948 අංකයට WhatsApp කිරීමයි.

ඒ අනුව වයස අවුරුදු 6 සිට 10 දක්වා, වයස අවුරුදු 11 සිට 14 දක්වා, වයස අවුරුදු 15 සිට 18 දක්වා වයස් ඛාණ්ඩ ඔස්සේ තරග වැදිය හැකියි.

දෙමාපියන් සඳහා විශේෂ දැනුම්දීම,

  • චිත්‍ර අංශය
එකමුතු කම, ශ්‍රී ලංකා ක්‍රිකට්, ශ්‍රී ලංකාව, ආර්ථිකය, අලුත් පරම්පරාව, විද්‍යුත් මාධ්‍ය යන මාතෘකා යටතේ චිත්‍ර ඉදිරිපත් කළ හැකියි.

  • ගායන අංශය
ඕනෑම භාෂාවක ගීතයක් ගායනා කළ හැකියි.
ඉදිරිපත් කිරීම සඳහා විනාඩියක කාලයක් ලබාදෙනු ලැබේ.

  • නර්තන අංශය
ඔබ විසින් තෝරාගත් ඕනෑම සංගීත ඛණ්ඩයකට නර්තනය ඉදිරිපත් කළ හැකියි.
දරුවාගේ ඉදිරිපත් කිරීම සඳහා විනාඩියක කාලයක් පමණක් ලබාදෙනු ලැබේ.

WhatsApp හරහා ඉදිරිපත් කිරීම් අප වෙත යොමු කිරීමේදී දරුවාගේ නම, වයස, පදිංචිය, ඉගෙනුම ලබන පාසල, භාරකරුගේ නම සඳහන් කිරීම අනිවාර්යයි.

සැප්තැම්බර් 30 වනදා සවස 5.00ට පෙර ඔබේ නිර්මාණය WhatsApp කරන්න.

අවසන් ජයග්‍රාහකයින් තෝරා ගැනීම ඔක්තෝම්බර් 2වන දින Colombo Times⁩ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙයි.

ජයග්‍රාහකයින් සඳහා iShop.lk අනුග්‍රහයෙන් ත්‍යාග රැසක් ලබාදීමට අපි සූදානම්.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු Colombo Times ඔස්සේ බලාපොරොත්තු වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න - 0741 228 336
(colombotimes.lk)