අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනෙක් ඊයේ (04) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හැටන් පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් හැටන් නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 35 යන වයස්වල පසුවන අය බව හැටන් පොලීසිය සඳහන් කළා.
පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.
(colombotimes.lk)