05 February 2025


මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජයේ එකඟතාව



මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින එකම තෘතීයික සත්කාරක රෝහල වන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ එම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන්.

ඒ අනුව දෙපාර්ශවය අතර අත්සන් තැබීමට යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබෙනවා.

(colombotimes.lk)