04 July 2025

logo

ඩයනාගේ ගැටුම ගැන සොයා බැලීමට පත්කළ කමිටුව විමර්ශන අවසන් කරයි



රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඇති වූ බව කියන ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා.

එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, විමර්ශන අවසන් කර ඇති අතර නිර්දේශ ඇතුළත් වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදෙන බවයි.
(colombotimes.lk)