10 March 2025


මාලිමාවේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා නම් කරයි



ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කැලී බල්තසාර් නම් කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ පැවති රැස්වීමකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ඔහු කියා සිටියේ සියලුම පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවෙන් 25%ක් සඳහා ජාතික ජන බලවේගය කාන්තා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

(colombotimes.lk)