10 March 2025


ප්‍රදේශ රැසකට හෙට තද වැසි



දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය හෙට (10) සහ අනිද්දා (11) දිනවල තාවකාලිකව වෙනස් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

නැගෙනහිර, ඌව පළාත්වල සහ මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)