වාහනවලින් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (08) ගිනිගත්හේන දියගල නෝටන්බ්‍රිජ් මාර්ගයේදී සිදු කර තිබෙනවා.
ඒ වටවල පොලිසිය විසින්.
ක්ලිනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට ශ්‍රී පාද පරිසරය ආරක්ෂා කර ගනිමින් කරුණා කරන ලෙසත්, ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහරින ලෙසටත් එවැනි අපද්‍රව්‍ය මාර්ගය දෙපස ස්ථාපනය කර ඇති කසල බදුන් වෙත බැහැර කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම මාර්ග නීති පිළිපදිමින් විනීතව රිය ධාවනය කරන ලෙසත්, අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් ශ්‍රී පාදය කරුණා කරන ලෙසත්, දිය නාමට වෙන් කර ඇති ස්ථානවල පමණක් දියනෑම සිදු කරන ලෙසත් වන්දනාකරුවන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)