22 July 2025

logo

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන සමාලෝචනයට විශේෂඥ කමිටුවක් පත් කරයි



උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින්.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ කඩිනමින් අදාළ නිර්දේශ ලබාදෙන දෙල අදාළ කමිටුවට දැනුම්දී ඇති බවයි.
 
මෙම කමිටුවට සාමාජිකයන් 9දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)