10 March 2025


මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක්



මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ කොළඹ 07 මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවති තැපැල් සේවාවේ මුද්දර, මුල් දින කවර සහ තැපැල් සේවාවේ ඉතිහාසය නිරූපණය කළ තැපැල් මෙවලම් ඇතුළත් ප්‍රදර්ශනයක් නැරඹීමට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමත්, එහි අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙනයාමත්, අදායම් තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

(colombotimes.lk)