10 March 2025


අනවසරයෙන් රැඳී සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් පිටුවහල් කරයි



මෙරට ආගමන විගමන නීති රීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 15දෙනෙක් ආපසු පිටුවහල් කර තිබෙනවා.

ඒ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් විසින්.

මෙම ඉන්දීය ජාතිකයන් පිරිස යාපනය ප්‍රදේශයේ ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුතු කරමින් සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා.

ඔවුන් සියලුදෙනා කටුනායක ගුවන්තොටුපොළ මඟින් නොමිලේ ලබාදී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)