13 July 2025

logo

ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට විරෝධතාවක්



ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝහීදී විරෝධතාවක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි.

විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබාදීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා.

 
(colombotimes.lk)