11 February 2025


හානි වූ වගාවන් සඳහා වන්දි ගෙවීම් ඇරඹෙයි



පසුගිය වසරේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කර වන්දි ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6,239 වෙනුවෙන් රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර ඇති බවයි.

එමෙන්ම වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත්වලට අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි කියා සිටියේ මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් වී, අමු මිරිස් හා අර්තාපල් යන වගාවන්ට සිදු වූ හානියට අදාළ වන්දි මුදල් තක්සේරු කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවයි.

(colombotimes.lk)