දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව මියගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
