බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා හරිත සංවිධාන නියෝජනය කරමින් සංක චන්දිම අබේවර්ධන විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
බලශක්ති අමාත්‍යවරයා විසින් පොහොර සංස්ථාවේ සේවය කරන අවදියේදී සිදු කරන ලද දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවකින් රජයට පාඩු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.
පැමිණිල්ල ගොනු කළ සංක චන්දිම සඳහන් කළේ සියලු සිදුවීම්වල ලිපි ලේඛණ අල්ලස් කොමිසම වෙත භාර දුන් බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා සම්බන්ධව තීරණයක් ගත යුතු බැවින් වහාම ඔහු අමාත්‍ය ධූරයෙන් නෙරපා හැරිය යුතු බවයි.
(colombotimes.lk)