ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායකවරයාගේ මතය අද (19) ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.
එහිදී කථානායකවරයා විසින් විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සිය මතය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අදාළ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූලව ඉදිරිත් කර නොමැති බවට මේ වන විට විවිධ පාර්ශව කරුණු දක්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)