19 August 2025

logo

ධාවනයෙන් ඉවත් කළ බස් රථ 9ක් යළි ධාවනයට



දෛනික ධාවනයෙන් ඉවත් කළ 2014 වසරේදී ලංකාවට ආනයනය කළ බස් රථ 9ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයන් ලබාදී ඇති බවයි.

කිලෝමීටර 5000ක කෙටි දුර ධාවනයෙන් පසු අධිවේගී මාර්ග සහ දුර ගමන් සඳහා මෙම බස් රථ යෙදවීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළා. 


(colombotimes.lk)