colombotimes.lk
සිංහල | English

02 May 2024

රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපයට එරෙහිව අධිකරණ නියෝගයක්



දකුණු ඉන්දීය සිනමාවේ සුපිරු තරුව රජිනිකාන්ත් රංගනයෙන් එක්වන නවතම Jailer සිනමා චිත්‍රපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. 

ඒ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින කොන්ත්‍රාත් ගෙන මිනිසුන් ඝාතනය කරන අයෙකු විසින් IPL ක්‍රිකට් කණ්ඩායමක් වන RCB ජර්සියකින් සැරසී සිටීම හේතුවෙන්. 
 
එයට එරෙහිව චිත්‍රපට නිෂ්පාදන සමාගමට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ එම රූපරාමු ඉවත් කරන ලෙසයි. 
 
මේ අතර එම චිත්‍රපට සමාගම විසින් අදාළ රූපරාමු ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සංස්කරණය කිරීමට එකඟවී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. 
 
අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් කළ නියෝගය අනුව සැප්තැම්බර් මස 01 වනදා සිට මෙලෙස සකස්කරන ලද Jailer චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙනු ඇති.
(colombotimes.lk)