16 September 2025

logo

රාජිතට අධිකරණයෙන් දුන් නියෝගය



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහුගේ විදේශ ගමන් ද තහනම් කරන බවටත් නියෝග කර තිබෙනවා. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)