24 August 2025

logo

රාජිතගේ පෙත්සමට අධිකරණයෙන් දුන් නියෝගය



අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

මෙම පෙත්සම අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවා තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම පෙත්සම සැප්තැම්බර් මස 01 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.    

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවයි. 

(colombotimes.lk)