ඩයනාගේ පෙත්සමක් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි



සමගි ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සහ SJB මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරට එරෙහිව පක්ෂයේ තනතුරු අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් අද (නොවැ 24) ප්‍රතික්ෂේප කළා. 
 
රාජ්‍ය අමාත්‍ය ගමගේ මෙම පෙත්සම ගොනු කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට SJB නායකයා ලෙසත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රධාන ලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
(colombotimes.lk)