ගුවන්තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
ඒ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබාදීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබාදෙන ලෙස බල කරමින්.
මෙම උද්ඝෝෂණය සඳහා ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවන් 50ක පමණ පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)
