බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධීර ප්‍රකාශ කළා.
ඒ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මාර්ග අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
මෙම මාර්ග අනතුරු වැඩිවීමට මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් භාවිතය හේතු වී තිබෙන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී එවැනි රිය අනතුරු සඳහා රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග ලබා දුන් බවයි.
(colombotimes.lk)
