පසුගිය දිනවලට සාපේක්ෂව ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අද (02) පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල 0.27%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එහි මිල සටහන් වුණේ ඩොලර් 72.53ක් ලෙසයි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.29%කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.67ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)