Ripple Labs Inc ආයතනය විසින් අළෙවි කරන Cryptocurrency වර්ගයක් වන XRP සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණයක් විශේෂ තීන්දුවක් දී තිබෙනවා.
ඒ අනුව XRP මඟින් මහජන විනිමය මත විකිණීමෙන් ෆෙඩරල් සුරැකුම්පත් නීතිය උල්ලංඝනය නොකළ බව අධිකරණය තීන්දු කළා.
එය Cryptocurrency කර්මාන්තයේ සුවිශේෂී නෛතික ජයග්‍රහණයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම තීන්දුවෙන් අනතුරුව XRP, 75% කින් ඉහළ ගොස් ඇති බව Refinitiv Eikon දත්ත පෙන්වා දෙනවා.
මෙම නඩුව ගොනුකර ඇත්තේ ඇමරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)
