ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීමේ චාර්ත්‍රය අද (6) සිදු කළා.
අද උදෑසන 5.55ට යෙදුණු සුභ නැකතින් චාරිත්‍රානුකූලව මෙම කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණා.
අද සිට දින 45ක් ගත වූ පසු පෙරහැර මංගල්‍යය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කතරගම ඇසළ පෙරහර මංගල්‍යයයේ ප්‍රථම පෙරහර ලබන ජූනි 19 දින ආරම්භ වී, ජූලි 3 දින අධි ඇසළ පෝය දිනයෙන් නිමාවට පත් වන බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළා.
(colombotimes.lk)