දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන්ට රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙක්ට තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව මතයි.
එමෙන්ම ඔහුට වසර 4ක සිරදඬුවමක් ද නියම කර තිබෙන අතර එම දඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමටද අධිකරණය තීරණය කර තිබෙනවා.
මෙම නඩුවේදී තමිම් රහ්මාන් තරග පාවාදීම සම්බන්ධයෙන් ඇති චෝදනාව පිළිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
