21 December 2025

logo

බිහිසුණු අනතුරක් - මව, පුතා ජීවිතක්ෂයට



ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) අනතුරක් සිදු වී තිබෙනවා. 

ඒ අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදීයි.

එම අනතුරෙන් එකම පවුලේ මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරෙන් තුවාල ලැබූවන් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)