20 August 2025

logo

මුස්ලිම් පාසල්වලට දෙවන වාර නිවාඩුව ලැබෙන දිනය දැනුම්දෙයි



2025 වර්ෂයේ රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (07) අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර මේ මස 18වන සඳුදා ආරම්භ වන බවයි. 

එම අදියර ඔක්තෝම්බර් මස 17වනදා දක්වා ක්‍රියාත්මක වනවා. 

එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17වන සඳුදා සිට දෙසැම්බර් මස 19වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය එළඹෙන 19වන අඟහරුවාදා අවසන් වන අතර තෙවන පාසල් වාරය 25වනදා ආරම්භවීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)